ඔන්න හැමෝම බලාගෙන හිටපු ගේම් එකක තවත් කොටසක් එලිදැකල. මමත් මුලින්ම මේක download කරන්න කලින් දෙපාරක් හිතල බැලුව. මොකද මේක GTA 4 ගේම් එකේම patch එකක්ද කියල. නැහැ මේක ඇවිත් GTA 4 කතාව දික්ගස්සල . මොකද GTA 4 ස්ටෝරිය ගොඩක්ම කෙටි උන නිසා නිෂ්පාදකයන් xbox සහ PS වලට අලුතෙන් කතා 2ක් ඉදිරිපත් කලා The Lost and Damned සහ The Ballad of Gay Tony කියල. (දෙවැනි ඒක නම බැලුවහම පොඩ්ඩක් අවුල් වගේ නේද?) කොහොමහරි අපිවගේ PC රසිකයෝ වෙනුවෙන් එයාල මේ කතා දෙක ඉදිරිපත්කලේ නැහැ. නමුත් ගොඩක් කට්ටියගේ ඉල්ලීම පිට එයාලට සිදු උනා PC රසිකයෝ වෙනුවෙනුත් ඒ කතන්දර දෙකම නිකුත් කරන්න. නමුත් එයාල මේ කතන්දර දෙකම ඒකක් විදිහට Grand Theft Auto: Episodes from Liberty Cityකියල මීට මාස 2 කකට කලින් නිකුත් කලා. මම ඔය විස්තරය දැම්මේ ගොඩක් කට්ටිය හිතනවා මේක GTA 4 ගේම් එකමයි කියල. හරි දැන් අපි කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.


