twitter
    Find out what I'm doing, Follow Me :)

Monday, July 19, 2010

Grand Theft Auto: Episodes from Liberty City ( මැරයාට අලුත් දිවියක් )

Bookmark and Share


ඔන්න හැමෝම බලාගෙන හිටපු ගේම් එකක තවත් කොටසක් එලිදැකල. මමත් මුලින්ම මේක download කරන්න කලින් දෙපාරක් හිතල බැලුව. මොකද මේක GTA 4 ගේම් එකේම patch එකක්ද කියල. නැහැ මේක ඇවිත් GTA 4 කතාව දික්ගස්සල . මොකද GTA 4 ස්ටෝරිය ගොඩක්ම කෙටි උන නිසා නිෂ්පාදකයන් xbox සහ PS වලට අලුතෙන් කතා 2ක් ඉදිරිපත් කලා The Lost and Damned සහ The Ballad of Gay Tony කියල. (දෙවැනි ඒක නම බැලුවහම පොඩ්ඩක් අවුල් වගේ නේද?) කොහොමහරි අපිවගේ PC රසිකයෝ වෙනුවෙන් එයාල මේ කතා දෙක ඉදිරිපත්කලේ නැහැ. නමුත් ගොඩක් කට්ටියගේ ඉල්ලීම පිට එයාලට සිදු උනා PC රසිකයෝ වෙනුවෙනුත් ඒ කතන්දර දෙකම නිකුත් කරන්න. නමුත් එයාල මේ කතන්දර දෙකම ඒකක් විදිහට Grand Theft Auto: Episodes from Liberty Cityකියල මීට මාස 2 කකට කලින් නිකුත් කලා. මම ඔය විස්තරය දැම්මේ ගොඩක් කට්ටිය හිතනවා මේක GTA 4 ගේම් එකමයි කියල. හරි දැන් අපි කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.


මතකයිනේ GTA 4 වල අපේ කතා නායකයා Niko Bellic ව? එයම තමයි මේකෙත් ප්‍රදාන චරිතය වෙන්නේ. කූම හරි එයා Liberty නගරයේ ප්‍රදාන ලොක්ක උනාට එයට අබියෝගයක් වශයෙන් තවත් චරිත දෙකක් මතුවෙනවා. (දන්නවනේ පතලේ ලොක්කෝ නෑ කියල කතාවක් තියනවානේ) එයින් ඒක චරිතයක් වන්නේ බයිසිකල් මැරකණ්ඩායමක නායකයා වෙන Jhonny Klebitz . එයටත් නගරයේ පොඩි පොඩි අබියෝග තියනවා. අපිට සිද්දවෙනවා Jhonny ට තියන මේ අබියෝග පරාජය කරලා දෙන්න. මෙතැනදී පාර දිගේ බයිසිකල් ධාවනය කරමින් සිදුකරන බිහිසුණු බයිසිකල් සටන් ගොඩක් තියනවා.

ඒ වගේම තමයි අපිට හම්බවෙන අනික් චරිතය තමයි සමාජශාලාවක අයිතිකරු විදිහට ඉන්න Gay Tony . වචනයේ පරිසමාර්ථඅර්ථයෙන්ම එයා සමලිංගිකයෙක්. එයටත් නගරයේ සිදුවන ප්‍රශ්නවලින් වගේම ඔහුගේ සමලිංගික ආදරය දිනාගන්නත් අපිට උදව් කරන්න වෙනවා.

මේ කතා දෙකම මම කිව්වේ ගොඩක් කෙටියෙන්. මොකද ඔක්කොම කිව්වොත් ඔයාලට ගේම් එකේ hint හම්බවෙන නිසා.මොකද එතකොට වැඩක් නෑනේ. හරි එහෙනම් ඔයාලත් ගහල බලන්න මේ ගේම් ඒක. අලුතෙන් කතා දෙක වගේම sound track , Weapons වගේ දේවල් ගොඩක් එකතුවෙලා නිසා ගේම් ඒක 16GB විතර වෙනවා . මමනම් download කරා.හැබැයි ඔයාල හිතයි මේකට GTA 4 ගේම් එකත් ඕනේ කියල. නැහැ මේකට වෙන කිසිම දෙයක් ඕනි නැහැ මම මේ දීල තියන torrent ඒක ඇරෙන්න. එහෙනම් liberty නගරයේ මැරයෙක් වෙලා බලන්න.

System Requirements:
Operating system: Windows XP / Vista / Windows 7
Processor: Intel Core 2 Duo 2.8 GHz or AMD Athlon X2 Dual-Core 5200 +
Memory: 2 GB (3 GB for Vista)
Video Card: compatible with Direct X 9.0c, 512 MB
free hard drive space: 16 GB





Screen





















































5 comments:

  1. meke GTA 4 story ekath thiyenawada? nathnam aluth ewa 2 witharada?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @Nuwan

    na machan meke GTA 4 eke missions na.okkoma aluth thiyenne mission :-D

    ReplyDelete
  4. what is Cheats ???????? plz give me plz plz

    ReplyDelete
  5. what is Cheats ???????? plz give me plz plz

    ReplyDelete