twitter
    Find out what I'm doing, Follow Me :)

Tuesday, September 7, 2010

Mafia II - පාතාලයේ පවුල

Bookmark and Share
Vito Scaletta පොදිකලේදීම එයාගේ පවුලේ උදවියත් එක්ක ඇමරිකාවේ Empire Bay නමින් හදුන්වන new york නගරයට පැමිණෙනවා. මේ නගරයේ ජීවත් වීම තුලින් හදුනා ගැනීමට ලැබෙන Joe Barbaro කියන විටෝ ගේ මිතුරත් එක්ක රත්තරන් බඩු සාප්පුවක් කොල්ලකන දර්ශනයකින් තමයි මේ කතාව ඇරබෙන්නේ. එතැනදී හොරකම වැරදිලා vito පොලිසියට අහුවෙනවා. උසාවියෙන් ඔහු වරදකරු වෙලා දඩුවම් තෝරාගැනීමේ අවස්ථාවක් ලෙස යුද සේවය හෝ හිරදඩුවම යන දෙක ලබාදෙන අතර Vito යුද සේවය තෝරාගන්නවා. යුද සේවයෙන් අවුරුදු 10 කට පස්සේ විටෝ, New York නගරයට ඇවිත් ඔහුගේ පැරණි මිතුරා වෙන Joe Barbaro හොයාගෙන යනවා. මේ වෙනකොට Joe Barbaro කියන්නේ New York පාතාලයේ ඒ කියන්නේ Mafia එකේ ප්‍රබල චරිතයක්. Joe එක්ක එකතුවෙලා New York හා San Francisco කියන නගර දෙකේ පාතාල නායකයන් සමග සිදුකරන දරුණු පාතාල ක්‍රියාකාරකම් ගණනාවකට Vito ගේ චරිතයට පන පොවන පරිගණක ක්‍රීඩකයා වන අපිට සිදුවෙනවා.


ඔන්න ඕකයි Mafia II කියන ගේම්එකේ කතා සාරාංශය.මම ඕක කිව්වේ බොහොම කෙටියෙන්. මොකද නැත්නම් ඔයාලට ගේම් එක play කරනකොට නියම අත්දැකීමක් ගන්න බැරිවෙන නිසා.
හරි දැන් අපි කතා කරමු ගමේ එකේ graphic ගැන. ඒගැන කතා කරන්න කිසිම දෙයක් න. තනිවචනයෙන් කියනවනම් උපරිමයි. මොකද 1951 වගේ ඈත කාලෙක අමෙරිකාවේ නගරයක සැරිසරන්න අපිට බැරි උන නිසා මේක තමයි එකට හොදම අවස්ථාව. නගරයේ සංස්කෘතිය සමාජවටපිටාව, ගොඩනැගිලි, අදුම්ප්ලදුම්, රථවාහන, එකී නොකී මේ හැමදෙයක්ම උපරිමයට පරිගණක සජීවී කරණය තුලින් නිපදවල තියනවා. මම කියන හොදම දේ තමයි මේකේ කාලගුණය. හිම,වැස්ස,අව්ව හරිම තාත්විකයි. අහ ඇයි පාරේ වාහන එලවන්න ඕන විදිහ. ඇත්තටම මේකේ නියම අත්දැකීම ගන්න නම් හොට VGA එකක් තියෙන්න ඔනිමයි. මේකත් open world වර්ගයේ පරිගණක ක්‍රීඩාවක්.(GTA වගේ) . මම දැනට play කරපු open world ඝනයේ හොදම ක්‍රීඩාව මේක කියල මම බය නැතුව කියනවා. එක ඔප්පුවෙනවා GameSpot Score වල ලකුණු 8.5 ක් අරගෙන 2010 වසරේ හොදම ගේම් 10 අතර සිටින නිසා.

මම කියනවට ගහල බලන්න. ඔයාලට අමුතුම තාලේ අත්දැකීමක් විදින්න පුළුවන්

පසු සටහන : කියන්න බැරිඋනා ගේම් එකේ සංගීතය ගැන. කවදාවත් අහන්න නොලැබෙන ලතින් ඇමරිකානු, මෙක්සිකෝ වර්ගයේ පැරණි ගීත යන Radio Chanel 3 ක් තියනවා කාර් එකේ යනකොට අහන්න.

Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 3.0 GHz / AMD Athlon 64 X2 3600+
Memory: 1.5 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive

Recommended System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Quad @ 2.5 Ghz / AMD Phenom X4 @ 2.5 Ghz
Memory: 2 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 1 Gb
Video Card: nVidia GeForce 9800 GTX / ATI Radeon HD 3870
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive




Screen







1 comment:

  1. meka download karanawa dawas gaanak thisse. thawama 120MB :(

    ReplyDelete