මුලින්ම සමාවෙන්න ඕන මේ ගේම් එක ගැන ලිපියක් ලියනවට. මොකද අපේ සහෝදර බ්ලොග් කරුවන් දෙදෙනෙකුත් මේ ගේම් එක ගැනම කලින් ලිපි ලියල තියන නිසා. නමුත් මම ක්‍රීඩා කරපු පරිගණක ක්‍රීඩාවලින් අමතක නොවන ගේම් එකක් නිසා මේක ගැන ලියන්න හිතුන.දන්නවනේ Robin Hood කිව්වහම.ඔව් ඔව් අර Marian නගා එක්ක යාළුවෙලා ඉන්න බුවා තමයි. මිනිහටත් ඉතින් තියෙන්නේ මාර ප්‍රශ්නනේ. එක පැත්තකින් Richard රජතුමාව Leopold කියන ඖෂ්ට්‍රියවේ night වරයා පැහැරගෙන ගිහින් Sheriff ගේ උදව් ඇතිව. අනික් පැත්තෙන් රට පාලනය කරන සාමිවරුන් නීතිය බල්ලට දාල ජනතාවගෙන් බදු අයකරනවා. රජතුමාව බේරගන්න පවුම් 100,000 හොයන්නත් ඕන. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ.සරලව කිව්වට ඕක බොහොම amarui. මොකද Sheriff ගේ චර පුරුෂයෝයි Knight වරුයි රෝබින්ව රජද්රෝහියෙක් හැටියට නම් කරලා දුටුතැන මරාදාන්න අන කරලා තියන නිසා. හැබැයි රොබින් ඉන්නේ තනියමනම් නෙමයි. එයට ඉන්නවා විවිද හැකියාවල් වලින් පිරුන මිත්‍රයෝ ටිකක්. එයාලත් ඇවිත් Sheriff ගෙන් අසදරණයට ලක්වෙලා රොබින් බේරගත්ත මිනිස්සු. පොලුසටන් , කඩුහරබ වලට හැමෝම වගේ දක්ෂ උනත් සමහර විශේෂ දස්කම් පිහිටලා තියෙන්නේ කීප දෙනෙකුට විතරයි.Friar Tuck,Maid Marian,Little John,Will Scarlet,Will Stutely කියන්නේ එයාලගෙන් කීප දෙනෙක්. අහ්... කියන්න අමතක උනා අපිට මාලිගාවට ගියහම Marian නගාත් උදව් කරනවා නොසෑහෙන්න. හැබැයි බලකොටුවේ ඉන්න සමහර මිස්නිස්සු රොබින්ට උදව්කරන්න කැමති වගේම සමහර ය පාවාදෙන උදවිය. මේ නිසා තැනට සුදුසු නුවන පාවිච්චි කරලා ගහන්න ඕන ගමේ එකක්. ඔන්න ඕකයි කතාව කෙටියෙන්.
Graphic ගැන කතා කරනවානම් කියන්න තියෙන්නේ වර්තමානයේ තරම් නැති උනත් 2002 වසර හා සසදනකොට ඉතා උසස් ඝනයේ graphic භාවිතකරලා තියනවා.Sherwood වනාන්තරය චරිත එහෙම ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියනවා. ඒ වගේමයි සංගීතයත්.රසවිදින්න පුළුවන් ලස්සනයි. මේක මම හිතනවා ගොඩක් කට්ටියට play කරන්න පුළුවන් වෙයි කියල.මොකද පද්දති අවශ්‍යතාවය ඉතාම අල්පයි. ගහල බලන්නකෝ එහෙනම්. comment එකකුත් දාලම යන්න හොදේ :ද
ලිපිඅ ලියල ඉවර උනහමයි මට මතක් උනේ gamespot rating බලන්න। එකත් 8.5 වැනි ඉහල අගයක් ලැබිල තියෙන්නේ ගේම් එක පට්ට නිසා වෙන්න ඇති
System Requirements
Windows 98 / Me / 2000 / XP
Pentium II 233 MHz
64 MB RAM
900 MB Hard Disk Space
Graphics Card with 4MB RAM
DirectX 8.1 or higher
4X CD ROM drive
DirectX compatible sound card
Screen





0 comments:
Post a Comment