twitter
    Find out what I'm doing, Follow Me :)

Friday, September 10, 2010

Robin Hood The Legend of Sherwood - ෂර්වූඩයේ සරදියෙල්

Bookmark and Share
මුලින්ම සමාවෙන්න ඕන මේ ගේම් එක ගැන ලිපියක් ලියනවට. මොකද අපේ සහෝදර බ්ලොග් කරුවන් දෙදෙනෙකුත් මේ ගේම් එක ගැනම කලින් ලිපි ලියල තියන නිසා. නමුත් මම ක්‍රීඩා කරපු පරිගණක ක්‍රීඩාවලින් අමතක නොවන ගේම් එකක් නිසා මේක ගැන ලියන්න හිතුන.

දන්නවනේ Robin Hood කිව්වහම.ඔව් ඔව් අර Marian නගා එක්ක යාළුවෙලා ඉන්න බුවා තමයි. මිනිහටත් ඉතින් තියෙන්නේ මාර ප්‍රශ්නනේ. එක පැත්තකින් Richard රජතුමාව Leopold කියන ඖෂ්ට්‍රියවේ night වරයා පැහැරගෙන ගිහින් Sheriff ගේ උදව් ඇතිව. අනික් පැත්තෙන් රට පාලනය කරන සාමිවරුන් නීතිය බල්ලට දාල ජනතාවගෙන් බදු අයකරනවා. රජතුමාව බේරගන්න පවුම් 100,000 හොයන්නත් ඕන. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ.සරලව කිව්වට ඕක බොහොම amarui. මොකද Sheriff ගේ චර පුරුෂයෝයි Knight වරුයි රෝබින්ව රජද්රෝහියෙක් හැටියට නම් කරලා දුටුතැන මරාදාන්න අන කරලා තියන නිසා.

Tuesday, September 7, 2010

Mafia II - පාතාලයේ පවුල

Bookmark and Share
Vito Scaletta පොදිකලේදීම එයාගේ පවුලේ උදවියත් එක්ක ඇමරිකාවේ Empire Bay නමින් හදුන්වන new york නගරයට පැමිණෙනවා. මේ නගරයේ ජීවත් වීම තුලින් හදුනා ගැනීමට ලැබෙන Joe Barbaro කියන විටෝ ගේ මිතුරත් එක්ක රත්තරන් බඩු සාප්පුවක් කොල්ලකන දර්ශනයකින් තමයි මේ කතාව ඇරබෙන්නේ. එතැනදී හොරකම වැරදිලා vito පොලිසියට අහුවෙනවා. උසාවියෙන් ඔහු වරදකරු වෙලා දඩුවම් තෝරාගැනීමේ අවස්ථාවක් ලෙස යුද සේවය හෝ හිරදඩුවම යන දෙක ලබාදෙන අතර Vito යුද සේවය තෝරාගන්නවා. යුද සේවයෙන් අවුරුදු 10 කට පස්සේ විටෝ, New York නගරයට ඇවිත් ඔහුගේ පැරණි මිතුරා වෙන Joe Barbaro හොයාගෙන යනවා. මේ වෙනකොට Joe Barbaro කියන්නේ New York පාතාලයේ ඒ කියන්නේ Mafia එකේ ප්‍රබල චරිතයක්. Joe එක්ක එකතුවෙලා New York හා San Francisco කියන නගර දෙකේ පාතාල නායකයන් සමග සිදුකරන දරුණු පාතාල ක්‍රියාකාරකම් ගණනාවකට Vito ගේ චරිතයට පන පොවන පරිගණක ක්‍රීඩකයා වන අපිට සිදුවෙනවා.