twitter
    Find out what I'm doing, Follow Me :)

Friday, September 10, 2010

Robin Hood The Legend of Sherwood - ෂර්වූඩයේ සරදියෙල්

Bookmark and Share
මුලින්ම සමාවෙන්න ඕන මේ ගේම් එක ගැන ලිපියක් ලියනවට. මොකද අපේ සහෝදර බ්ලොග් කරුවන් දෙදෙනෙකුත් මේ ගේම් එක ගැනම කලින් ලිපි ලියල තියන නිසා. නමුත් මම ක්‍රීඩා කරපු පරිගණක ක්‍රීඩාවලින් අමතක නොවන ගේම් එකක් නිසා මේක ගැන ලියන්න හිතුන.

දන්නවනේ Robin Hood කිව්වහම.ඔව් ඔව් අර Marian නගා එක්ක යාළුවෙලා ඉන්න බුවා තමයි. මිනිහටත් ඉතින් තියෙන්නේ මාර ප්‍රශ්නනේ. එක පැත්තකින් Richard රජතුමාව Leopold කියන ඖෂ්ට්‍රියවේ night වරයා පැහැරගෙන ගිහින් Sheriff ගේ උදව් ඇතිව. අනික් පැත්තෙන් රට පාලනය කරන සාමිවරුන් නීතිය බල්ලට දාල ජනතාවගෙන් බදු අයකරනවා. රජතුමාව බේරගන්න පවුම් 100,000 හොයන්නත් ඕන. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ.සරලව කිව්වට ඕක බොහොම amarui. මොකද Sheriff ගේ චර පුරුෂයෝයි Knight වරුයි රෝබින්ව රජද්රෝහියෙක් හැටියට නම් කරලා දුටුතැන මරාදාන්න අන කරලා තියන නිසා.

Tuesday, September 7, 2010

Mafia II - පාතාලයේ පවුල

Bookmark and Share
Vito Scaletta පොදිකලේදීම එයාගේ පවුලේ උදවියත් එක්ක ඇමරිකාවේ Empire Bay නමින් හදුන්වන new york නගරයට පැමිණෙනවා. මේ නගරයේ ජීවත් වීම තුලින් හදුනා ගැනීමට ලැබෙන Joe Barbaro කියන විටෝ ගේ මිතුරත් එක්ක රත්තරන් බඩු සාප්පුවක් කොල්ලකන දර්ශනයකින් තමයි මේ කතාව ඇරබෙන්නේ. එතැනදී හොරකම වැරදිලා vito පොලිසියට අහුවෙනවා. උසාවියෙන් ඔහු වරදකරු වෙලා දඩුවම් තෝරාගැනීමේ අවස්ථාවක් ලෙස යුද සේවය හෝ හිරදඩුවම යන දෙක ලබාදෙන අතර Vito යුද සේවය තෝරාගන්නවා. යුද සේවයෙන් අවුරුදු 10 කට පස්සේ විටෝ, New York නගරයට ඇවිත් ඔහුගේ පැරණි මිතුරා වෙන Joe Barbaro හොයාගෙන යනවා. මේ වෙනකොට Joe Barbaro කියන්නේ New York පාතාලයේ ඒ කියන්නේ Mafia එකේ ප්‍රබල චරිතයක්. Joe එක්ක එකතුවෙලා New York හා San Francisco කියන නගර දෙකේ පාතාල නායකයන් සමග සිදුකරන දරුණු පාතාල ක්‍රියාකාරකම් ගණනාවකට Vito ගේ චරිතයට පන පොවන පරිගණක ක්‍රීඩකයා වන අපිට සිදුවෙනවා.

Monday, July 19, 2010

Grand Theft Auto: Episodes from Liberty City ( මැරයාට අලුත් දිවියක් )

Bookmark and Share


ඔන්න හැමෝම බලාගෙන හිටපු ගේම් එකක තවත් කොටසක් එලිදැකල. මමත් මුලින්ම මේක download කරන්න කලින් දෙපාරක් හිතල බැලුව. මොකද මේක GTA 4 ගේම් එකේම patch එකක්ද කියල. නැහැ මේක ඇවිත් GTA 4 කතාව දික්ගස්සල . මොකද GTA 4 ස්ටෝරිය ගොඩක්ම කෙටි උන නිසා නිෂ්පාදකයන් xbox සහ PS වලට අලුතෙන් කතා 2ක් ඉදිරිපත් කලා The Lost and Damned සහ The Ballad of Gay Tony කියල. (දෙවැනි ඒක නම බැලුවහම පොඩ්ඩක් අවුල් වගේ නේද?) කොහොමහරි අපිවගේ PC රසිකයෝ වෙනුවෙන් එයාල මේ කතා දෙක ඉදිරිපත්කලේ නැහැ. නමුත් ගොඩක් කට්ටියගේ ඉල්ලීම පිට එයාලට සිදු උනා PC රසිකයෝ වෙනුවෙනුත් ඒ කතන්දර දෙකම නිකුත් කරන්න. නමුත් එයාල මේ කතන්දර දෙකම ඒකක් විදිහට Grand Theft Auto: Episodes from Liberty Cityකියල මීට මාස 2 කකට කලින් නිකුත් කලා. මම ඔය විස්තරය දැම්මේ ගොඩක් කට්ටිය හිතනවා මේක GTA 4 ගේම් එකමයි කියල. හරි දැන් අපි කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

Sniper Ghost Warrior ( රණශූර අවතාරය )

Bookmark and Share
ඔන්න මම මුලින්ම කියන්න යන්නේ maxa ගේම් එකක් ගැනයි. Sniper Ghost Warrior . නම කිව්වගමන් හිතෙනවා ඇති නේද sniper ගේම් එකක් කියල. ඔව් එකනම් ඇත්ත තමයි. මුලින්ම ගේම් එක ගැන කියන්න කලින් පොඩි hint එකක් දෙන්නම්. මේක නියම තාත්වික අත්දැකීමක් ගන්න කියාපු ගේම් එකක්. මොකද මම එහෙම කිව්වේ මේකට යොදාගෙන තිබෙන graphic , ශබ්ද, ගත්තහම ඒක ගැන කතා කරලා වැඩක් නෑ. Sniper කෙනෙක් විදිහට අපිට ජීවිතදී ගන්න බැරි සැබෑම අත්දැකීම් මේක තුලින් ලබා ගන්න පුළුවන්.