මුලින්ම සමාවෙන්න ඕන මේ ගේම් එක ගැන ලිපියක් ලියනවට. මොකද අපේ සහෝදර බ්ලොග් කරුවන් දෙදෙනෙකුත් මේ ගේම් එක ගැනම කලින් ලිපි ලියල තියන නිසා. නමුත් මම ක්රීඩා කරපු පරිගණක ක්රීඩාවලින් අමතක නොවන ගේම් එකක් නිසා මේක ගැන ලියන්න හිතුන.දන්නවනේ Robin Hood කිව්වහම.ඔව් ඔව් අර Marian නගා එක්ක යාළුවෙලා ඉන්න බුවා තමයි. මිනිහටත් ඉතින් තියෙන්නේ මාර ප්රශ්නනේ. එක පැත්තකින් Richard රජතුමාව Leopold කියන ඖෂ්ට්රියවේ night වරයා පැහැරගෙන ගිහින් Sheriff ගේ උදව් ඇතිව. අනික් පැත්තෙන් රට පාලනය කරන සාමිවරුන් නීතිය බල්ලට දාල ජනතාවගෙන් බදු අයකරනවා. රජතුමාව බේරගන්න පවුම් 100,000 හොයන්නත් ඕන. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ.සරලව කිව්වට ඕක බොහොම amarui. මොකද Sheriff ගේ චර පුරුෂයෝයි Knight වරුයි රෝබින්ව රජද්රෝහියෙක් හැටියට නම් කරලා දුටුතැන මරාදාන්න අන කරලා තියන නිසා.





